
එළවලු සහ පළතුරු හිගය තවත් සති කිහිපයක් පවතිනු ඇති බවට Coles සුපිරි වෙළඳ සැල් ජාලය අනතුරු අගවනවා.
දැඩි ශීත කාළගුණය සහ මාස කිහිපයකට පෙර පැවති ජලගැලීම් තත්වය ඊට හේතු බවයි පැවසෙන්නේ.
Lettuce – විවිධ වර්ගවල බෙරි – බෝංචි ආදි ද්‍රව්‍යවල සැළකිය යුතු හිගයක් පවතින බවයි Coles හි ප්‍රධාන මෙහෙයුම් නිළධාරී විසින් සඳහන් කර ඇත්තේ.

ප්‍රමාණවත් තරම් ආලෝකය නොලැබීමත් – පසෙහි ස්වභාවය යහපත් නොවීමත් හමුවේ තවත් මාස කිහිපයක් යනතුරු එළවලු සහ පළතුරු සැපයුම නිසි පරිදි සිදු නොවනු ඇති බවටයි වාර්තා පළවන්නේ.
මේ අතර පසුගිය සති කිහිපය තුළදී ඔස්ටේරලියාව තුළ එළවලු – පළතුරු සහ මුහුදු ආහාර මිළ ගණන්ද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

එළවලු මිළ සියයට 6.6 කින් – පළතුරු මිළ සිය සියයට 5 කින් සහ මුහුදු ආහාර මිළ සියයට 4.8 කින් මෙලෙස වැඩිවී ඇති බවයි සංඛ්‍යාලේඛණ වාර්තා පවසන්නේ.