ඔස්ටේ්‍රලියාව 2022 පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

2022 පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමට ඔස්ටේ්‍රලියාව සමත්වුණා.

ඒ කටාර් හි පැවති තෝරා ගැනීමේ තරගයකදී පේරු රාජ්‍යය පරාජයට පත් කරමිනුයි.

මේ අනුව පාපන්දු ලෝක කුසලානයේදී තරග වැදීමට සුදුසුකම් ලැබූ 31 වන රට බවටයි ඔස්ටේ්‍රලියාව පත්වුයේ.

2006 වසරේ සිට මේ දක්වා පැවති සියලුම පාපන්දු ලෝක කුසලාන නියෝජනය කිරීමටද ඔස්ටේ්‍රලියාව සමත්ව සිටිනවා.

අද අලුයම නිමාවට පත්වූ තරගයේදී දෙපිළම ගෝල නොලබා සම තත්වයේ සිටි බැවින් තරගයේ ජයග්‍රහණය තීරණ කෙරුණේ දඩුවම් පහර මගිනුයි.

මෙවර පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබන අවසාන කණ්ඩායම හෙවත් 32 වන කණ්ඩායම අද තෝරා ගැනීමට නියමිතයි.

කොස්ටාරිකා සහ නවසීලන්තයයි එහිදී තරග වදින්නේ.

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »