Search

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත 02 කට විදුලිය ඇනහිටීමේ අවදානමක්

ක්වීන්ස්ලන්ඩ් සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන්ට මහා පරිමාණ විදුලිය බිඳ වැටීම් සම්බන්ධයෙන් අනතුරු අගවා තිබෙනවා.

ඊයේ රාත්‍රී 08 යි 30 දක්වාත් අද පෙරවරු 08 න් පසුවත් හැකිතාක් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි බළධාරීන් විසින් ජනතාවට දැනුම් දී තිබුණේ.

විදුලි සැපයුම් පද්ධතියේ හටගෙන ඇති අසමතුළිතතාවයක් මීට හේතුවී තිබෙනවා.

පවතින දැඩි ශීතල තත්වයත් සමග තාපය සඳහා ඇති ඉල්ලුම ඉහළයාමයි මීට ප්‍රධාන හේතුව වන්නේ.

ජුනි 12 වනදා ඉරිදා රාත්‍රියේ Australian Energy Market Operator විසින් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ විදුලිය තොග මිල මෙගාවොට් පැයකට ඩොලර් 300කට සීමා කිරීමේ පියවර ගත්තේය.

වසර 2019 දී වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තවලටද මීට සමාන සීමාවන් පැනවිණි.

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »