අමෙරිකාවෙන් ලංකාවට පොරොන්දුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා අවසන් වූ පසු ශ්‍රී ලංකාවට ආයෝජන ප්‍රවර්ධනය කිරීම සදහා ද අමෙරිකාව එකගත්වය පළ කර තිබෙනවා.

එරට රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මේ බව පවසා තිබුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග ඊයේ පස්වරුවේ දුරකථන සංවාදයක නිරත වූ අවස්ථාවේදීයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින සාකච්ඡාවල වත්මන් තත්ත්වය අගමැතිවරයා එහිදී පැහැදිලි කර තිබෙනවා.

ශ්‍රී ලංකාව – ඇමරිකා එක්සත් ජනපදය සමග සමීප සහයෝගීතාවයකින් කටයුතු කිරීමට කැමැත්තෙන් පසුවන බවද ඔහු වැඩිදුරටත් කියාසිටියා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ගෙන් ඉල්ලා සිටියේ ජනාධිපති ජෝ බයිඩන් වෙත සිය සුභාශිංසන පල කරන ලෙසයි.

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »