Search

ලාංකික මෘදුකාංග ඉංජිනේරුවරයාට ඔස්ටේ්‍රලියාවෙන් ඉහළම ගෞරවයක්

දකුණු ඔස්ටේ්‍රලියාව විසින් පිරිනමන හොඳම තරුණ ව්‍යාපාරික ව්‍යවසායකයන් 40 දෙනා අතරට මෙවර ශ්‍රී ලාංකිකයෙකුද පත්ව සිටිනවා.

ඊට අදාළ උත්සවය පසුගියදා ඇඩිලේඩ් ඕවල් හිදී පැවැත්වුණේ 400 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙනුයි.

40 Under 40 Awards යන සංකල්පය යටතේ මෙවරත් තරුණ ව්‍යවසායකයන් 40 දෙනෙකු ඇගයීමට ලක් කෙරුණේ 05 වන වරටයි.

අයදුම්පත් 180 කට වැඩි සංඛ්‍යාවක් ලැබී තිබු අතර ඉන් 40 දෙනෙකු තෝරා ගැනීම අතිශය දුෂ්කර වූ බව සංවිධායකයන් සඳහන් කලා.

මෙහිදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකිකයා වූයේ Firehouse Technology හි නිර්මාතෘ නිලාන් මිහිඳුකුලසූරියයි.

ඔහු දැනට 31 වන වියෙහි පසුවන අතර මීට වසර 03 කට පෙර ඇඩිලේඩ් වෙත සංක්‍රමණය වී තිබුණා.

වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන ඔහු කොවිඩ් සමයේ සුලු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙත අත්වැලක් වීම මෙම ඇගයීමට හේතුපාදක වී තිබෙනවා.

ව්‍යාපාර පසුබෑමට ලක්වූ පශූ සම්පත් ව්‍යාපාරිකයෙකු වෙනුවෙන් වෙළඳාම් සඳහා නව සංකල්පයක් නිලාන් මිහිඳුකුලසූරියගේ මූලිකත්වයෙන් නිර්මාණය කර තිබීමද විශේෂත්වයක්.

ඔහු පවසන්නේ කොවිඩ් සමයේදී සේවකයන් සොයාගැනීම වඩාත් දුෂ්කර වූ බවයි.

කිසිවෙකුත් සෑම විටම විශිෂ්ඨ දේවල් සිදුනොකරන අතර කරන දේ සාර්ථකත්වයට පත්කර ගැනීමට වෙහෙසිය යුතු බවයි නිලාන් අවධාරණය කරන්නේ.

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »