Search

නම වැරැද්දුවාට ධම්මික සනත්ට කණගාටුව පළ කරයි

ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා, ප්‍රවීණ ක්‍රීඩක සනත් ජයසූරිය අමතා තම කණගාටුව පළකර තිබෙනවා.

ඒ පසුගිය දිනක රූපවාහිනි විවාදයක් අතරතුර ඔහුගේ නම වරදවා ප්‍රකාශ කිරීම හේතුවෙනුයි.

සනත් ජයසූරිය වෙනුවට සනත් ගුණතිලක ලෙසත් අරවින්ද ද සිල්වා වෙනුවට අරවින්ද පෙරේරා ලෙසත්, ධම්මික පෙරේරා විසින් පවසා තිබුණා.

කෙසේවෙතත් මෙය අත්වැරදීමක් පමණක් ලෙස තමන් සිතන බවයි ප්‍රවීණ ක්‍රීඩක සනත් ජයසූරිය පවසන්නේ.

ධම්මික පෙරේරා ගේ ඉදිරි කටයුතු වෙනුවෙන් තමන් සුභ පතන බවද ඔහු සඳහන් කලා.

https://twitter.com/Sanath07/status/1535572308051382272?s=20&t=rrNhuS1MTUHI0yy60cZ6aA

මේ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසන්නේ ධම්මික පෙරේරා වැනි වැදගත් පුද්ගලයෙකුට මෙලෙස ලංකාවේ ජාතික වීරයෙකුගේ නමක් අමතක වීම පිළිබඳ තමන් පුදුම වන බවයි.

https://twitter.com/CBKsrilanka/status/1535612196612366338?s=20&t=rrNhuS1MTUHI0yy60cZ6aA

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »