වියදම අධිකම නගර 100 ට සිඩ්නි – කැන්බරා – මෙල්බන් හා පර්ත්

වියදම අධිකම නගර 100 ලැයිස්තුවට මෙවරත් ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන නගර සියල්ලම පාහේ ඇතුළත්ව තිබෙනවා.

කෙසේවෙතත් මෙවර විශේෂත්වය වන්නේ 2021 ශ්‍රේණිගත කිරීම හා සැසඳීමේදී සිඩ්නි නගරය පමණක් ජීවන වියදම වැඩි නගර ලැයිස්තුවේ ඉහළට පැමිණීමත් අනෙක් නගර සියල්ල සටහනේ පහළට යාමයි.

පසුගිය වර 40 වන ස්ථානයේ සිටි සිඩ්නි නගරය මෙවර 39 වන ස්ථානය දක්වා එක් ස්ථානයක් ඉහළට පැමිණ තිබෙනවා.

2021 දී 52 වන ස්ථානයේ සිටි කැන්බරා නගරයට මෙවර ලැබී ඇත්තේ 55 වන ස්ථානයයි.

පසුගිය වර 51 වන ස්ථානයේ සිටි මෙල්බන් නුවර මෙවර 56 වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.

පර්ත් පසුගිය ශ්‍රේණිගත කිරීමට වඩා ස්ථාන 02 ක් පසුපසට ගොස් ඇත්තේ 76 වන ස්ථානය දක්වායි.

ආහාර – ප්‍රවාහන – ඉඳුම් හිටුම් – විනෝදාස්වාදය වැනි කරුණු රැසක් සළකා සකස් කරන වියදම් අධිකම නගර ලැයිස්තුවේ මෙවර පළමු තැන ගෙන ඇත්තේ හොංකොං නගරයයි.

The global top 20

1. Hong Kong, Hong Kong

2. New York, USA

3. Geneva, Switzerland

4. London, UK

5. Tokyo, Japan

6. Tel Aviv, Israel

7. Zurich, Switzerland

8. Shanghai, China

9. Guangzhou, China

10. Seoul, Korea Republic

11. San Francisco, USA

12. Shenzhen, China

13. Singapore, Singapore

14. Beijing, China

15. Jerusalem, Israel

16. Bern, Switzerland

17. Yokohama, Japan

18. Copenhagen, Denmark

19. Oslo, Norway

20. Taipei, Taiwan

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »