මෙල්බන් කොන්සල් කාර්යාලය ඩිජිටල්කරණයත් සමග කොන්සියුලර් සේවා වේගවත් කරයි

ඩිජිටල් තාක්ෂණය යොදාගනිමින් කොන්සියුලර් සේවා කටයුතු වේගවත් කිරීමට මෙල්බන් නුවර ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය පියවර ගෙන තිබෙනවා.

ඒ මෑතකදී හඳුන්වා දෙනු ලැබූ නව කොන්සියුලර් සේවා කළමණාකරණ මෘදුකාංගයේ උපකාරය ඇතිවයි.

වික්ටෝරියා – දකුණු ඔස්ටේ‍රලියා සහ ටස්මේනියා හි වාසය කරන දහස් ගණනක් වන ලාංකිකයන්ට මෙමගින් පහසුකම් සැළසෙන බවයි මෙල්බන් කොන්සල් ජනරාල් කපිල ෆොන්සේකා පෙන්වා දෙන්නේ.

වියදම් අඩුකරගනිමින් වඩාත් උසස් – ගුණාත්මක සහ ඉහළ සේවාවක් ලබාදීමට මෙමගින් අවස්ථාව උදාවනවා.

මාසයකට කොන්සල් කාර්යාලය වෙත ලැබෙන ගමන් බලපත්‍ර අයදුම්පත් ගණන 150 ක් පමණ වන අතර – උප්පැන්න ලියාපදිංචි කිරීම් 50 ක් – සහතික කිරීම් 100 ක් – ද්විත්ව පුරවැසි අයදුම්පත් 100 ක් පමණද ලැබෙන බව සඳහන්.

කුඩා කාර්ය මණ්ඩලයක් සහිතව මෙම කටයුතු පවත්වාගෙන යාමේදී එම කටයුතු සරළ වීමත් – තමන්ගේ අයදුම්පතෙහි වර්තමාන ප්‍රගතිය පිළිබඳ තමන්ටම දැන ගැනීමට හැකිවීමත් – කලින් වේලාවක් වෙන් කරවා ගැනීමට හැකවීමත් නව පද්ධතියේ ඇති සුවිශේෂී ලක්ෂණයි.

විදේශයක පිහිටා ඇති ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික කාර්යාලයක් විසින් මෙවැනි මෘදුකාංගයක් භාවිත කරන පළමු අවස්ථාව මෙය වන අතර ලාංකික සමාගමක් විසින් එය නිර්මාණය කර තිබීමද විශේෂත්වයක්.

කොන්සල් ජනරාල් කපිල ෆොන්සේකා ගේ මෙහෙයවීමෙන් මෙම සියලු කටයුතු සිදුකරනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකා රජයේ මිළදී ගැනීම් පිළිබඳ ක්‍රමවේදයන්ට පූර්ණව අනුගත වෙමිනුයි.

ළමයින් අතර පැතිර යන රෝගී තත්වයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කුඩා ළමයින් අතර නියුමෝනියා රෝගීන් වැඩිවී පිළිබඳ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඕස්ට්‍රේලියාවට එන්න බලාගෙන ඉන්නවා නම් මේ අවස්ථාව මගහරින්න එපා

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

Read More »

මෙල්බන් Clyde North අවට ජනතාවට දුරකථන සංඥා ගැන පොරොන්දුවක්

වසර ගණනාවක සිට දුර්වල ජංගම දුරකථන සංඥා හේතුවෙන් අපහසුතාවන්ට පත්ව සිටි මෙල්බන් අවට ජනතාවට දුරකථන කුළුණක් ස්ථාපිත කරන බවට පොරොන්දුවක් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන්න වීසා ගන්න බලාගෙන ඉන්න අයට උපදෙසක්

ඔස්ට්‍රේලියානුවන්ට මාර්ගගත වීසා වංචාවලින් ප්‍රවේශම් වන ලෙස උපදෙස් මාලාවක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

Read More »