දැනට ගොඩගැසී ඇති පුහුණු නිපුණතා වීසා (skilled visa) අයදුම්පත් හැකි ඉක්මණින් සළකා බලා අවසන් කරන ලෙස සංක්‍රමණ අමාත්‍ය විසින් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබෙනවා.
අනෙක් සියලු කාර්යයන්ට වඩා ඊට ප්‍රමුඛතාවය දෙන ලෙසයි අමාත්‍යවරයා විසින් දන්වා ඇත්තේ.
කොවිඩ් වසංගතය ආරම්භයත් සමග ඔස්ටේ්‍රලියාවට පුහුණු නිපුණතා සංක්‍රමණිකයන් පැමිණීම කැපී පෙනෙන ලෙස පහළ ගියා.
එහි ප්‍රථිඵලයක් ලෙස මේ වනවිට ක්ෂේත්‍ර රැසක දැඩි සේවක හිගයක් නිර්මාණය වී තිබෙනවා.
2014 දී 195,000 ක් ලෙස සිටි පුහුණු නිපුණතා වීසා ලාභීන් ගණන මේ වනවිට 96,000 ක් වැනි පහළ අගයක් ගෙන ඇත්තේද ඒ අනුවයි.
මෙම තත්වය හැකිතාක් ප්‍රකෘති තත්වයට ගෙන ඒම නව රජයේ සැලසුම වී තිබෙනවා.