ගිලන් රථ ප්‍රමාදයක් ගැන බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තවාසීන්ට දැනුම් දීමක්

අධික ඉල්ලුම හමුවේ ඉදිරි දිනවලදී ගිලන් රථ සඳහා ප්‍රතිචාර දැක්වීමේ කාලය සැළකිය යුතු ප්‍රමාද වනු ඇති බවට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත ශාන්ත ජෝන් ගිලන් රථ සේවය ප්‍රාන්තවාසීන්ට දන්වා සිටිනවා.

හදිසි සහ අත්‍යවශ්‍යම නොවන අවස්ථාවලදී ගිලන් රථ සේවය ඇමතීමෙන් වළකින ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

මේ දිනවල පැයකට ඇමතුම් 40 කට අධික සංඛ්‍යාවක් ලැබෙන බව බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත ශාන්ත ජෝන් ගිලන් රථ සේවය සඳහන් කලා.

උද්ගතව ඇති තත්වය හමුවේ ජිවිත අවධානමක් සහිත රෝගීන්ට ප්‍රමුඛතාවය දීමට සිදුව ඇති බවයි ඔවුන් කියාසිටියේ.

මෙම මාසයේ ගතවූ දින 10 දී පමණක් බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත ශාන්ත ජෝන් ගිලන් රථ පර්ත් නුවර රෝහල් අසල පැය 1300 කට ආසන්න වේලාවක් ගත කර තිබුණා.

https://twitter.com/stjohn_wa/status/1535154810550644738?s=20&t=bPh8FYEIulp-y8ejbn3CrQ

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »