
ප්‍රවාහන කටයුතු සඳහා පමණක් වෙන්වු නවතම ජංගම දුරකථන ඇප්ලිකේෂනයක් හඳුන්වාදීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.
කුලී රථ වෙන් කරවා ගැනීම් – E-bike කුලියට ගැනීම – ටැක්සි සේවා සහ Parking වැනි සියලු කටයුතු එකම ඇප්ලිකේෂනයක් මගින් සිදුකර ගත හැකිවීම මෙහි ඇති විශේෂත්වයයි.
පුද්ගලයන් 10,000 ක් යොදාගනිමින් මෙහි මූලික අත්හදා බැලීම මාස 12 ක් පුරා සිදුකෙරෙනු ඇති.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉදිරි අයවැයෙන් මේ සඳහා වෙන් කිරීමට නියමිත මුදල ඩොලර් මිලියන 570 ක්.
2012 වසරේ සිට හඳුන්වා දුන් Opal කාඩ්පත වැඩි දියුණු කිරීමද මීට සමගාමීව සිදුකෙරෙනු ඇති.
