දීර්ඝ සති අන්තය සමග සිඩ්නි ගුවන් තොටුපළේ දැඩි තදබදයක්

දීර්ඝ සති අන්තයක් එළැඹීමත් සමග සිඩ්නි ගුවන් තොටුපළේ දැඩි තදබදයක් නිර්මාණය වී තිබෙනවා.

අද උදාසන 06 පමණ සිට දිගු පෝලිම් දක්නට ඇති බව සඳහන්.

අද දිනය තුළ 80,000 කට ආසන්න පිරිසක් සිඩ්නි ගුවන් තොටුපළ හරහා ගුවන් ගමන්වල නිරත වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

විශේෂයෙන් ගුවන් ගමන් බලපත්‍ර පරික්ෂා කවුලු අසල දැඩි තදබදයක් හටගෙන තිබෙනවා.

ඇතැමුන් ඩොලර් 150 කට ආසන්න මුදලක් ගෙවා පෝලිම්වල ස්ථානයක් වෙන් කර ගැනිමට පෙළඹී ඇති බවයි වාර්තා වන්නේ.

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »