ලංකාව දැන් කැඩුණු කම්පියුටර් එකක් වගේ – රනිල්

ඉන්ධන සහ ගෑස් සම්බන්ධයෙන් ඉදිරි සති තුන ඉතාමත් දුෂ්කර කාල සීමාවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ, ගමන්බිමන් හැකි තරම් සීමා කර ගනිමින් සියලු දෙනා හැකිතාක් අරපරෙස්සමෙන් ඉන්ධන සහ ගෑස් පරිභෝජනය කළ යුතු බවත් ඒ අනුව මේ කාල සීමාවේ අනවශ්‍ය ලෙස ඉන්ධන සහ ගෑස් එක් රැස් කර ගැනීමෙන් වළකින ලෙසයි.

අග්‍රාමාත්‍යවරයා පවසන්නේ, ඉන්ධන සඳහා මසකට ඩොලර් මිලියන 550 ක් පමණ වැය වන බවත් පවතින අර්බුදකාරි තත්ත්වය මත තෙල් මිල ඉහළ යෑමේ අවදානමක් ඇති බවයි.

රටේ ආර්ථිකය යළි ප්‍රකෘති තත්ත්වයට පත් කිරීම දවසින් දෙකෙන සිදු කළ හැකි දෙයක් නොවන බව පවසන අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, එය ඉතා අසීරු අභියෝගයක් බවයි.

රටට නව ආර්ථිකයක් නිර්මාණය කරමින් 100 වන නිදහස් සමරුව පවත්වන 2048 වසර වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීම අරමුණ බව ද අග්‍රාමාත්‍යරවයා සඳහන් කළේ ය.

”දැන් අපේ රට හරියට ක්‍රියා විරහිත කොම්පියුටරයක් වගේ වැඩ කරන්නේ නෑ. ඉතින් අපි මුලින්ම කරන ඕන මොකද්ද අපි මේ කොම්පියුටරය යළි සාදා ගත යුතුයි. දැන් අපි කරන්නේ අන්න ඒ වැඩේ. කොමිපියුටරය රී සෙට් කිරිම. අතුරු අයවැය මගින් අපි කරන්නේ කොම්පියුටරය රී සෙට් කිරීමයි. ඊට පස්සෙ අපිට පුළුවන් නවීන මෙහෙයුම් පද්ධතියක් දා ගන්න. කිසිම වෛරස් එකකට එන්න ඉඩක් නැති වෛරස් ගාඩ් දා ගන්න. ඒත් ඒ සේරම කරන්න කොම්පියුටරය ආපහු පණ ගැන්විය යුතුයි. රීසෙට් කළ යුතුයි”

ඔස්ට්‍රේලියාවෙන් නව බබල් ටී නිෂ්පාදනයක්

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් සාම්ප්‍රදායික බබල් ටී වෙනුවට ඕට්ස් මිශ්‍රිත සෞඛ්‍ය සම්පන්න බබල් ටී නිෂ්පාදනයක් හඳුන්වා දී තිබෙනවා.

Read More »

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »