ඉල්ලා අස්වන්නේ නෑ – ආයෙත් ඡන්දයකට එන්නෙත් නෑ

විරෝධතා හමුවේ තමන් ධුරයෙන් ඉල්ලා අස් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ධුර කාලය නියමිත අයුරින් අවසන් කරන බවත් නැවත මැතිවරණයකට ඉදිරිපත් නොවන බවත් ඔහු කියාසිටියා.

බ්ලුම්බර්ග් වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කලා.

වසර පහකට තමාට ජනවරමක් ලැබී ඇති බවත් නැවත තරග කිරීමට අපේක්ෂාවක් නොමැති බවත් ගෝඨාභය රාජපක්ෂ එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

තමාට අසාර්ථක ජනාධිපතිවරයෙකු ලෙස ධුරයෙන් ඉවත්විය නොහැකි යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

රට මුහුණ දී ඇති ආර්ථික ගැටලූ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ රාජ්‍ය සේවකයන් හෝ හමුදාව කප්පාදු කිරීමක් සිදුකළ නොහැකි බවයි.

බීමත්ව රිය ධාවනය කරන වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ

බීමත්ව රිය ධාවනය කරන පුද්ගලයින් අතුරින් වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවන බව නවතම පර්යේෂණයකින් හඳුනා ගෙන තිබෙනවා.

Read More »

දෙවන රැකියාවක් සොයන ඔස්ට්‍රේලියානුවන්ට ලොව ප්‍රධාන පෙළේ සමාගමකින් රැකියා 1400ක්

අන්තර්ජාලයේ අලෙවිකරණ දැවැන්තයෙකු වන Amazon සමාගමේ රැකියා පුරප්පාඩු සඳහා ඔස්ට්‍රේලියාවෙන් 1400ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

හොංකොං සිට මෙල්බන් පැමිණි යුවළක් කරපු හොර වැඩේ

හොංකොන් සිට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් ගුවන්තොටුපල වෙත රහසිගතව ජීවී මත්සයින් 100ක් අවස්ථා දෙකකදී රැගෙන එමට උත්සහ කල යුවළකට දඩ නියම කර තිබෙනවා.

Read More »