මුල් මාස පහේදී පාස්පෝට් 288,645 නිකුත් කරයි

මෙම වසරේ (2022) මුල් මාස පහක කාලය තුළ පුද්ගලයින් 288,645 දෙනෙකු විදෙස් ගමන් බලපත්‍ර සකස් කරගෙන ඇතැයි ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා නියෝජ්‍ය ආගමන විගමන පාලක පියුමි බණ්ඩාර පැවසුවාය.

පසුගිය 2021 වසරේදීම නිකුත් කර ඇත්තේ විදෙස් ගමන් බලපත්‍ර 382, 506 ක් පමණක් මාධ්‍ය ප්‍රකාශක පියුමි බණ්ඩාර සදහන් කළාය.

රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ බොහෝ පිරිසක් විදෙස්ගත රැකියා සඳහා යොමුව තිබෙන බවත් මේ හේතුවෙන් වැඩි පිරිසක් ගුවන් ගමන් බලපත්‍ර සකස් කර ගැනීමට යොමුව තිබෙන බවත් ඇය කීවාය.

මෙම වසරේ ජනවාරි මාසයේදී බලපත්‍ර 52,278 ක්, පෙබරවාරි මාසයේදී 55 381 ක්, මාර්තු මාසයේදී 74 890ක්, අප්‍රේල් මාසයේදී 53151 ක් සහ මැයි මාසයේදී 52 945 ක් වශයෙන් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කර ඇති බවත් මෙම තත්වය හමුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව කාර්ය මණ්ඩල දැඩි කාර්ය බහුලත්වයට පත්ව සිටින බව ද මාධ්‍ය ප්‍රකාශිකාව සඳහන් කළාය.

ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ කටයුතු සදහා පැමිණෙන පිරිස් දින වේලා වෙන්කරගෙන පැමිණෙන ලෙස ඉල්ලා සිටින බවද ඇය කියා සිටියාය.

දෙපාර්තුමේන්තු ප්‍රධාන කාර්යාලය අවට කිලෝමීටර් ගණනක් දුරට පෝලිම් දක්නට ඇත්තේ දින වේලා වෙන් කර නොගත් පිරිස් නිසා බවත් දින වේලා වෙන්කරගැනීම් අනුව දෛනිකව 1500කට වැඩි පිරිසකට සේවා සපයන බවත් මාධ්‍ය ප්‍රකාශිකාව කියා සිටියාය.

එක්දින සේවා මගින් විදෙස්ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තුමේන්තු ප්‍රධාන කාර්යාලයේදී පමණක් සිදුවන අතර සාමාන්‍ය සේවා යටතේ විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට අවශ්‍ය ලේඛණ ප්‍රධාන කාර්යාලයට අමතරව මාතර, කුරුණෑගල, මහනුවර, මාතර හා වව්නියාව කාර්යාල වෙත ලබාදිය හැකි බවත් ඇය පවසන්නීය.

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »