විදේශ අමාත්‍යංශයේ ඩොලර් මිලියන 700 කථාව පට්ටපල් බොරුවක්ලු

ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබා දීමට සැලසුම් නොකරන බව ලෝක බැංකුව  යළි අවධාරණය කළා.

මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකු අධ්‍යක්ෂ ෆරීස් එච්. හදාද් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනුයි මේ බව සඳහන් කළේ.

ලෝක බැංකු කලාපීය අධ්‍යක්ෂවරයා මේ අදහස් දක්වා තිබුණේ ඉදිරි මාස කිහිපය තුළ දී ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 700ක්

ලබාදෙන බවට ලෝක බැංකුවේ කොළඹ සිටින කළමනාකරු චියෝ කන්දා ප්‍රකාශ කර ඇති බවට විදේශ කටයුතු අමාත්‍යාංශය සිදුකල ප්‍රකාශයක් පිළිබඳව පිළිතුරු සපයමින්.

මේ වන විට පවතින තත්ත්වය යටතේ එවැනි නිශ්චිත මුදල් ප්‍රමාණයක් සැපයීම පිළිබඳව කිසිදු එකගතාවක් නොමැති බවත් එම මාධ්‍ය වාර්තා සහමුලින් සාවද්‍ය වාර්තා බවත් ඔහුගේ ට්විටර් පණිවිඩයේ සඳහන්.

වසර 24කට පසු ඔලිම්පික් යන ඔස්ට්‍ර්ලියානු කාන්තාවන්

ඔස්ට්‍ර්ලියානු කාන්තා මීටර 4×100 සහය දිවීමේ කණ්ඩායම නව ජාතික වාර්තාවක් සමගින් මෙවර පැරිස් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබාගත්තා.

Read More »

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Read More »