Just In : රැට්ටා අත්අඩංගුවට

ප්‍රබල සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු සහ අරගලය සාමකාමී විරෝධතා ව්‍යාපාරයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වන රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා මීට ටික වෙලාවකට පෙර කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

කොටුව උසාවිය ඉදිරිපිට පැවති විරෝධතාවක දී පොලිසියට සහ අධිකරණ කටයුතුවලට බාධා වන අයුරින් කටයුතු කළ බවට වන චෝදනා

සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (30) සවස 03.00ට ඔහුට කොළඹ කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණා.

ඒ අනුව, ඔහු කොම්පඤ්ඤවීදිය පොලිසියට ගොස් එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

පැය දෙකකට ආසන්න කාලයක් ලබා දුන් එම දීර්ඝ ප්‍රකාශයෙන් අනතුරුව යි රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »