ක්‍රෙඩිට් කාඩ් හිමියන්ගෙන් ඩොලර් දහස් ගණනක් වංචාකල බවට ANZ බැංකුවට චෝදනා

ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ගෙන් ඩොලර් දහස් ගණනක මුදලක් වංචාකල බවට ANZ බැංකුවට චෝදනා එල්ල වනවා.

අදාළ පාරිභෝගිකයන්ගේ ගිණුම්වල ඇති ශේෂය පිළිබඳ වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් විවිධ ගාස්තු සහ පොළී ලෙස මුදල් අය කර ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් ANZ බැංකුවට එරෙහිව ෆෙඩරල් අධිකරණයක් හමුවේ චෝදනා ගොණු කරන බව ඔස්ටේ්‍රලියානු සුරැකුම් හා ආයෝජන කොමිසම නිකුත් කර ඇති නිවේදනයක සඳහන්.

ANZ හි ගණුදෙනු කරුවන් 165,000 ක් පමණ මෙම වංචාවට ගොදුරු වී ඇති බවටයි වාර්තා පළවන්නේ.

2016 ත් 2018 ත් අතර කාලයේදී මෙලෙස වැරදි සහගත ලෙස ගාස්තු අය කර ඇති බවද සඳහන්.

මේ පිළිබඳ ප්‍රතිචාර දක්වන ANZ බැංකුව පවසන්නේ 2018-11-17 දක්වා කාලය තුළ බලපෑමට ලක්වූ ගණුදෙනුකරුවන් වෙනුවෙන් ඩොලර් මිලියන 10 ක මුදලක් ආපසු ගෙවා ඇති බවයි.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »