
Nationals පක්ෂයේ නව නායකයා ලෙස ඩේවිඩ් ලිට්ල්ප්‍රවුඩ් තේරී පත්වී තිබෙනවා.
ඒ කැන්බරා හි අද පැවති පක්ෂ අභ්‍යන්තර ඡන්ද විමසීමේදී මෙතෙක් එම ධුරයේ කටයුතු කල බාර්නබි ජොයිස් තනතුරෙන් ඉවත් කරමිනුයි.
2016 වසරේ සිට ක්වීන්ස්ලන්ඩ් හි ආසනයක් නියෝජනය කරමින් ඩේවිඩ් ලිට්ල්ප්‍රවුඩ් පාර්ලිමේන්තුව නියෝජනය කලා.

ඔහු පසුගිය රජයන් හි කෘෂිකර්ම – ජල සම්පත් යන අමාත්‍ය ධුරද හොබවා තිබෙනවා.
පක්ෂයේ නව නියෝජ්‍ය නායකයා ලෙස අද තෝරා ගෙන ඇත්තේ පෙරින් ඩේවි යි.
