Search

මහින්දගේ ආරක්ෂාව තර කෙරේ

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ගේ ආරක්ෂාව තර කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, විවිධ වෘත්තීය සමිති, ශිෂ්‍ය සංගම් හා සිවිල් සංවිධාන මෙන්ම මහජනතාව ද හිටපු අගමැතිවරයා කෙරෙහි අප්‍රසාදයෙන් පසුවන බවට බුද්ධි අංශ මගින් වාර්තා කිරීම හේතුවෙන්.

ඒ අනුව හිටපු අගමැතිවරයා ගමන් කරන ස්ථානවලදී හා ස්ථිරවම රැඳී සිටින ස්ථානවලදී මහජන විරෝධතා එල්ල වීමට හැකියාවක් පවතින බවත්, ඒ අනුව මහින්ද රාජපක්ෂ ට උපරිම ආරක්ෂාවක් ලබාදීම කාලෝචිත බවත් බුද්ධි අංශ වාර්තා කර තිබෙනවා.

ඒ අනුව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ රැඳී සිටින කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසට පිවිසෙන මාර්ග ආවරණය වන පරිදි මාර්ග බාධක යෙදීමට කටයුතු කරන ලෙසයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් උපදෙස් දී ඇත්තේ.

විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාශය 05 විසින් කළ ලිඛිත ඉල්ලීමකට අනුව මහින්ද රාජපක්ෂ ගේ ආරක්ෂාව තර කරන ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එලෙස උපදෙස් ලබාදී තිබෙනවා.

-NETH NEWS

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »