
ඉහළ යන විදුලි බිල් ගාස්තුවලට සාපේක්ෂව ප්‍රාන්ත කිහිපයක් විසින් සිය ප්‍රාන්තවාසීන්ට විවිධ සහන දීමේ සැළසුම් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
මේ අනුව විදුලි බිල් ගෙවීමට අපහසු නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත වාසීන්ට වසරකට ඩොලර් 1600 ක උපරිමයක ආධාරයක් සඳහා අයදුම් කිරීමට ලබන සතියේ සිට අවස්ථාව උදාවනවා.
විදුලි බිල් සඳහා අවස්ථා 02 කදී හා ගෑස් බිල් සඳහා අවස්ථා 02 කදී ලෙස ඩොලර් 400 බැගින් එම සහන ඉල්ලා සිටිය හැකියි.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තීරණය කර ඇත්තේ සෑම විදුලි බිලක් සඳහාම ඩොලර් 175 ක ගාස්තු කපා හැරීමක් සිදුකිරීමටයි.
විදුලි බිල් ගෙවීම සඳහා සෑම වික්ටෝරියා නිවසකටම ඩොලර් 250 ක් බැගින් ලබාදීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි විය යුතුයි.
දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය විසින් ඩොලර් 233 ක් ලෙසත් බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය විසින් ඩොලර් 400 ක් ලෙසත් විදුලි බිල් සඳහා ගාස්තු කපා හරිනු ඇති.