මුරුගප්පන් පවුල ගැන අගමැති ඇල්බනීස් අවසන් තීරණයක් ගනී

ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතික පවුලක් වන මුරුගප්පන් පවුල රැඳවුම් භාරයෙන් නිදහස් කර ඔවුන් පෙර වාසය කල Bileola නගරය වෙත යැවීමට අගමැති ඇන්තනී ඇල්බනීස් නිර්දේශ කර තිබෙනවා.

ඒ අනුව වැඩ බලන ස්වදේශ කටයුතු අමාත්‍ය Jim Chalmers විසින් අද දිනයේදී මීට අදාළව නිල නිවේදනයක් නිකුත් කිරීමට නියමිතයි.

දැනට මුරුගප්පන් පවුලේ සාමාජිකයන් 04 දෙනා පර්ත් හි රැඳවුම් මධ්‍යස්ථානයකයි රඳවනු ලැබ සිටින්නේ.

මැතිවරණ සමයේදී ලේබර් පක්ෂය විසින් දුන් පොරොන්දුවකට අනුවයි මෙම පිරිස යළිත් Bileola නගරය වෙත යැවීමට තීරණය කර ඇත්තේ.

පැවති ලිබරල් රජය අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හමුවේ මුරුගප්පන් පවුලේ සාමාජිකයන් පිළිබඳවද දැඩි ස්ථාවරයක් අනුගමනය කෙරුණා.

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »