
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා
කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශතකයක් රැස් කිරීමට ඇන්ජලෝ මැතිව්ස් අද (26) සමත් වුණා.
එය වාර්තා පොත් අතරට එක් වන්නේ ඔහුගේ දහතුන්වන ටෙස්ට් ශතකය ලෙසයි.

පසුගිය තරගයේ පළමු ඉනිමේ ද විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ මැතිව්ස් ද්විත්ව ශතකයක් පෙනි පෙනී තිබිය දී ලකුණු 199 කට දැවී ගියා.
මේ අතර දිනේෂ් චන්දිමාල් 12 වන ටෙස්ට් ශතකය වාර්තා කලා.
