
මීටර් 100 ධාවන ඉසව්වේ නව ශ්‍රී ලංකා සහ දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත්වී තිබෙනවා.
ඒ ජර්මනියේ පැවති ධාවන තරගාවලියකදී තත්පර 10 යි දසම 0 යි 6 කින් එම ඉසව්ව නිමාවට පත්කරමින්.
පසුගියදා ඉතාලියේ පැවති තරගාවලියකදී මීටර් 200 ඉසව්වේ නව ශ්‍රී ලංකා සහ දකුණු ආසියානු වාර්තාවක්

පිහිටුවීමටද යුපුන් අබේකෝන් සමත්වුණා.
මීටර 200 ධාවන ඉසව්ව තත්පර 20.37 කින් නිම කරමින් එම වාර්තා ද්විත්වය පිහිටුවීමටයි ඔහු සමත්වූයේ.
