
තවත් කැබිනට් ඇමතිවරුන් දස දෙනෙකු පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද දිවුරුම්දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සුලු පක්ෂ නියෝජනය කරමින් පිරිසක් මෙලෙස දිවුරුම් දෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ.
ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළත්ව කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් 15 දෙනකු මේ වන විට දිවුරුම් දී තිබෙනවා.

අද දිවුරුම් දෙන දස දෙනාද සමග සමස්ත කැබිනට් මණ්ඩලය 25 කට පමණ සීමා වනු ඇතැයි සඳහන්.
මේ අතර 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනවා.

COMMENTS