කැසෙන්ඩ්‍රාගේ ජය ස්ථිර වෙයි / ඔස්ටේ්‍රලියා – ලංකා සබඳතාවල නව පිටුවක් පෙරළමින් පාර්ලිමේන්තුවට

මෙවර ඔස්ට්‍රෙලියානු මහ මැතිවරණයට වික්ටෝරියා හෝල්ට් අසුනට කම්කරු පක්ෂයෙන් තරග වැදුණු ශ්‍රී ලංකාවේ උපත ලද කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු එම අසුන ජයග්‍රහණය කළේ ලිබරල් සන්ධානය නියෝජනය කළ රාන්ජ් පෙරේරා පරාජයට පත් කරමින්.

ඔහු ද ශ්‍රී ලාංකිකයෙකු වීම විශේෂත්වයක්.

එහිදී කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 57.09 ක් ලබාගත් අතර, රාන්ජ් පෙරේරාට මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 42.91 ක් හිමිවුණා.

34 හැවිරිදි කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු ඔස්ට්‍රෙලියානු පාර්ලිමේන්තුවට තේරී පත්වූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ප්‍රථම කාන්තාවයි.

ඇය වයස අවුරුදු 11 ක්ව සිටියදී සිය දෙමාපියන් සමඟ 1999 වසරේ ඔස්ට්‍රෙලියාවට සංක්‍රමණය වී ඇති අතර, සත්කාරක සේවා සහ අධ්‍යාපන සහාය පිළිබඳ උසස් අධ්‍යාපනය ලබා තිබෙනවා.

නව අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස්, නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ජපානය, ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ නායකයන් සමඟ පැවැත්වෙන සමුළුවක් සඳහා හෙට ටෝකියෝ බලා නික්මීමට නියමිතයි.

ඔස්ටේ්‍රලියාවේ පාර්ලිමේන්තුවට පත්වූ පළමු ලාංකික කාන්තාව කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු ලාංකික මාධ්‍ය ආයතනයකට දුන් එකම සම්මුඛ සාකච්ඡාව.. Ausලංකා TV – Current Affairs වැඩසටහන පහතින් :

https://www.facebook.com/auslankatvpage/posts/pfbid0G97FuXrmvBRZZpuu4towWXUDmao6rPBXwUda3397MJjk2x1ExJvmmPW9DSgxeb9fl?__cft__[0]=AZVclPTQML3jZQNLGCeJHYLfwXSSRdLwmC1Z7xiMVlpVnPr4fg9ZYD1lEzvWMX7ANjdKv6IdPWXoz1rqSBbCMWl2mHv1cLwEdD2hj2xwf96CQsQar_rle1GsbOJ7sSF364FHezK74fiLk94YK-qBTVKzwVw2Bm9cFkLRu2E9n4b0roTI9-s79Dd_aSMN4w_F1zw&__tn__=%2CO%2CP-R

සිසුවියන්ට අසභ්‍ය වචන භාවිත කිරීමේ සිදුවීමක් මෙල්බන්හි තවත් පාසලකින් වාර්තා වෙයි

මෙල්බර්න් හි පාසැලක කාන්තා වැසිකිළියක් තුළ සිසුවියන් ඉලක්ක කර ගනිමින් අසභ්‍ය වචන යොදා සටහන් තැබූ සිද්ධියක් යළිත් වාර්තා වනවා.

Read More »

මුදල් නොමැති නිසා ඔස්ට්‍රේලියා තරුණ ප්‍රජාව කරන වැඩක් සමීක්ෂණයකින් හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ තරුණ පරම්පරාවේ සියයට 40ක් පමණ තවමත් දෙමාපියන් සමඟ ජීවත් වන බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

Read More »