ඡන්දෙට දිනකට පෙර මැතිවරණ නීතිවල වෙනසක්

කොවිඩ් ආසාධිතව සිටින සියලු ඔස්ටේ්‍රලියානුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සළසාදෙන බවට මැතිවරණ කොමිසම සහතික වනවා.

පවතින නීති යටතේ පසුගිය අගහරුවාදා වනවිට කොවිඩ් වැළඳී සිටි එහෙත් තැපැල් ඡන්ද අයදුම් කර නොමැති කිසිවෙකුටත් දුරකථනය ඔස්සේ ඡන්දය ප්‍රකාශ කිරිමට අවස්ථාව උදාවන්නේ නැහැ.

එහෙත් එම නීතිය වෙනස් කරන ලෙස මැතිවරණ කොමිසම විසින් ෆෙඩරල් රජයෙන් කරන ලද ඉල්ලීමට සුභවාදී ප්‍රතිචාර ලැබී තිබෙනවා.

ඒ අනුව දුරකථනය හරහා ඡන්දය ප්‍රකාශ කිරීම පුලුල් කරමින් අද නව නියමයක් නිකුත් කෙරුණා.

ඊට අනුව අද එනම් සිකුරාදා පස්වරු 06 වනවිට හුදකලා භාවයේ සිටින සියල්ලන්ට දුරකථනය හරහා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව උදාවනු ඇති.

TR එකේ වයස් සීමාව වැඩි කරන්නැයි ෆෙඩරල් රජයට පෙත්සමක්

485 වීසා කාණ්ඩය සඳහා වූ වයස් සීමාව අවුරුදු 35 ලෙස සීමා කිරීමට ෆෙඩරල් රජය ගත් තීරණයට විරෝධය පල කර ෆෙඩරල් පාර්ලිමේන්තුවට භාරදීම සඳහා පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා.

Read More »

දින 4ක මෙහෙයුමකින් 16 හැවිරිදි දැරියක් ඇතුලු 554ක් අත්අඩංගුවේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉලක්ක කර ගනිමින් සිදු කළ දින හතරක මෙහෙයුමක් අතරතුර පුද්ගලයන් 550කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සමාජ මාධ්‍ය උවදුරෙන් ළමයින් බේරා ගන්න තවත් උත්සාහයක්

සමාජ මාධ්‍ය උවදුරෙන් ඔස්ට්‍රේලියාවේ ළමයින් බේරා ගැනීමට රජයට බල කෙරෙන අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීමට නිව්ස් ක්‍රොප් ඔස්ට්‍රේලියා (News Corp Australia) ව්‍යාපාරය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »

ඉරාන ජනපති සොයා තවදුරටත් මෙහෙයුම්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් පසු අතුරුදන්ව සිටින ජනාධිපතිවරයා ඇතුලු පිරිස සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

Read More »

රෝගීන් වෙත ඉක්මනින්ම ළඟාවෙන ගිලන් රථ සේවාව සහිත ප්‍රාන්තය නම් කෙරේ

හදිසි ඇමතුම් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතුරින් ඉක්මනින්ම ප්‍රතිචාර දක්වන ගිලන් රථ සේවාව පිළිබඳ නවතම තොරතුරු අනාවරණයක් සිදුකර තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් යන දුම්රියේදී කළ වැඩක් නිසා පුද්ගලයෙකුට මාස 3ක් පොදු ප්‍රවාහනය තහනම් වෙයි

ඇඩිලේඩ් බලා යන දුම්රියේදී කාන්තාවන් හතර දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »