Search

බටහිර ඔස්ට්‍රේලියා ඉහළම දෛනික ආසාදිතයින් ගතවූ පැය 24 තුළ

කොවිඩ් වසංගතය ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය වාර්තා කළ ඉහළම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව වන 17,105 ගතවූ පැය 24 තුළ වාර්තා කර ඇත.

මේ වන විට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ රෝහල් ගත කළ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 300 ක් වන අතර මීට පෙර සිදුවූ කොවිඩ් මරණ 6 ක්ද ඔවුහු වාර්තා කරති.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 46 ක් වාර්තා වී ඇත.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 22 ක්ද වික්ටෝරියා ප්‍රාන්තයෙන් 14 ක්ද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් 05 ක්ද ඊට ඇතුලත්වේ.

ගතවූ පැය 24 තුළ ACT හි ආසාදිතයින් 82 දෙනෙකු රෝහල්ගත කර ඇති බව සඳහන්.

එය පසුගිය මාස දෙක තුළ ACT හි රෝහල්ගත කළ කොවිඩ් ආසාදිතයින් ගේ ඉහළම අගය ලෙස ද වාර්තා වේ.

හැරී කුමරුට මරණ තර්ජන

එක්සත් රාජධානියේ පොලිස් ආරක්ෂාව අඩු කිරීමෙන් පසු තමාට ත්‍රස්තවාදීන් විසින් මරණීය තර්ජන එල්ල කරන බව හැරී කුමරු පවසනවා.

Read More »

කොරෝනා මිනිසුන් නිපදවූවාදැයි සැකයක් ?

කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය

Read More »