ලාංකික ද්‍රවිඩ පවුල ගැන අගමැති මොරිසන්ගෙන් අනාවරණයක්

ඉමහත් ආන්දෝලනයකට තුඩුදුන් ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතික පවුලට පර්ත් හිදී සිරවී සිටීමට සිදුවුයේ අධිකරණයේ ප්‍රමාදයක් හේතුවෙන් බවට අගමැති ස්කොට් මොරිසන් චෝදනා කරනවා.

බාලම දැරියට පමණක් වීසා ලබා නොදීම ඊට හේතුව බවයි අගමැතිවරයා සඳහන් කලේ.

ඔවුන්ගෙන් දෙදෙනෙකුට පර්ත් හි සිටීමටත් අනෙක් දෙදෙනාට ක්‍රිස්මස් දූපතේ රැඳී සිටීමටත් සිදුවූයේද මේ හේතුව මත බව ස්කොට් මොරිසන් ප්‍රකාශ කලා.

2018 වසරේ මාර්තු මාසයේදී මොවුන් දේශ සීමා ආරක්ෂණ නිළධාරීන් භාරයට ගනිද්දි වාසය කල නගරයට යාමට ඉඩ දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියද තවමත් ඒ සඳහා අවසර ලැබී නැහැ.

ඔවුන්ගේ වීසා තත්වය පිළිබඳ අධිකරණය තවමත් අවසන් තීන්දුවක් නොදීම ඊට හේතුව බව අගමැති මොරිසන් ප්‍රකාශ කලා.

මෙම ගැටලුව සංක්‍රණ අමාත්‍යවරයාගේ අවධානයට යොමු කරන බවටද අගමැති මොරිසන් පොරොන්දු වුණා.

ඔස්ට්‍රේලියාවෙන් නව බබල් ටී නිෂ්පාදනයක්

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් සාම්ප්‍රදායික බබල් ටී වෙනුවට ඕට්ස් මිශ්‍රිත සෞඛ්‍ය සම්පන්න බබල් ටී නිෂ්පාදනයක් හඳුන්වා දී තිබෙනවා.

Read More »

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »