ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 160 ක් – AusLanka TV – Australian News for the Sri Lankan community

ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 160 ක්

ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 160 ක්

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඊයේ දිනයේදී අමෙරිකානු ඩොලර් මිලියන 160 ක මුදලක් ලැබුණු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලා.

එම මුදලින් ඉන්ධන මිලදී ගැනීමට හැකිද යන්න ගැන සාකච්ජා කළ යුතුව ඇති බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.

ලෝක බැංකුවේ නියෝජිත පිරිසක් මේ වනවිට දිවයිනට පැමිණ ඇති බවත් අද දිනයේදී තමා ඔවුන් හමුවන බවත් අගමැතිවරයා සඳහන් කලා.

මේ අතර අද දිනයේදී ශ්‍රී ලංකාව දරුණු බංකොළොත් ස්වභාවයකට පත්වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊට ප්‍රතිචාර දක්වා සිටියා.

COMMENTS