DERANA STARS IN CONCERT සඳහා ලාංකික කලා ශිල්පීන් මෙල්බන් නගරයට

DERANA STARS IN CONCERT 2022 ප්‍රසංගය සඳහා සහභාගීවීමට ශ්‍රී ලාංකික කලා ශිල්පීන් ඊයේ මෙල්බන් නගරයට පැමිණියා.

2020 Derana Dream Star ෆැලන් ඇන්ඩ්‍රියා – 2021 Derana Dream Star දුලංග සම්පත් මෙන්ම නුවන්ධිකා සේනාරත්න – කීර්ති පැස්කුවෙල් – රවීන් කණිෂ්ක – රවී රොයිස්ටර් සහ නදීක ගුරුගේ යන දක්ෂ නිර්මාණකරුවන් මේ අතර වනවා.

DERANA STARS IN CONCERT 2022 ප්‍රසංගය ලබන 20 වනදා මෙල්බන් හිදීත් 22 වනදා සිඩ්නි හිදීත් පැවැත්වීමට නියමිතයි.

ශික්ෂා සංගීත කණ්ඩායම විසින් මෙම ප්‍රසංග වර්ණවත් කරනු ඇති.

මේ සඳහා මාධ්‍ය අනුග්‍රහය සපයනු ලබන්නේ Ausලංකා TV විසිනුයි.

මෙම ප්‍රසංග සඳහා ප්‍රවේශපත්‍ර මිළදී ගැනීමට පහත වෙබ් අඩවියට පිවිසෙන්න : https://tickets.bunjilplace.com.au/7075/7076

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »