
මැයි 09 වනදා සිදුවීම්වලට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත ඊයේ යොමුකල නාමලේඛණයේ අඩංගු 22 දෙදෙනා අතර ඔවුන්ද වනවා.
ගාලූමුවදොර සහ අරලියගහ මන්දිරය අසල මහජන අරගලවලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් ඇතුලු 22 දෙනෙකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට ඊයේ උපදෙස් දුන්නා.

ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, මිලාන් ජයතිලක සහ සංජීව එදිරිමාන්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මෙම පිරිසට අයත්.
මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු – මහින්ද කහඳගම සහ ඩෑන් ප්‍රියසාද් යන දෙදෙනාද මෙම 22 දෙනා අතරට අයත් වනවා.
