Search

ACT කොවිඩ් රෙගුලාසි අද රෑ සිට සංශෝධනයට

ACT පදිංචිකරුවන්ට ලියාපදිංචි සමාජ ශාලා, රාත්‍රී සමාජශාලා, strip clubs, සහ ප්‍රවේශපත්‍ර රහිත පවත්වන උත්සව සඳහා ඇතුළු වීමේදී මැයි 13 වන දින රාත්‍රී 11.59 සිට check in වීම අවශ්‍ය නොවේ.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 45 ක් වාර්තා වී ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 13 ක්ද

වික්ටෝරියා ප්‍රාන්තයෙන් 18 ක්ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් 12 ක්ද ඊට ඇතුලත්වේ.

ගතවූ පැය 24 තුළ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් නව කොවිඩ් ආසාදිතයින් 15,565 ක් වාර්තා වූ අතර එය ඊට පෙර දින වාර්තා වූ රෝගීන් සංඛ්‍යාවට වඩා තරමක අඩුවීමකි.

එමෙන්ම මීට පෙර සිදුවූ කොවිඩ් මරණ 3 ක්ද බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් වාර්තා වේ.

කොවිඩ් වසංගතය ආරම්භ වූ දා සිට මිලියනයක් COVID මරණ සමඟ තම රට ඛේදජනක සන්ධිස්ථානයක් සනිටුහන් කළ බැවින්, “වසංගතය තවම අවසන් වී නැත” යනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පැවසීය.