ලංකාවේ අද මොකද උනේ ? සවිස්තර වාර්තාව කියවන්න

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද එම ධුරයෙන් ඉල්ලා අස්වුණා. අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා සඳහන් කලේ ඊට අදාළ අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවයි.

අද පෙරවරුවේ කොළඹ අරලියගහ මන්දිරයට පැමිණි ආණ්ඩු පක්ෂ හිතවාදීන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශයෙන් අනතුරුව අරලියගහ මන්දිරයෙන් නික්මී ඒ ඉදිරිපිට විරෝධතාවයේ යෙදුණු මයිනා ගෝ ගමට ප්‍රහාරයක් එල්ල කළා. ඉන් අනතුරුව මෙම ප්‍රකෝපකාරී පිරිස් කොළඹ ගාලූ මුවදොර අරගල භූමියට කඩා වැදුණු අතර අරගල භූමියේ ස්ථාපිත කර තිබූ සියලූ තාවකාලික ගොඩනැගිලි කඩා බිඳ දමමින් විරෝධතාවයේ නිරත පිරිසට ප්‍රහාර එල්ල කලා. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ කළ ද එය පාලනය කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. මේ අතර අරගල භූමියේ මතු වී ඇති ප්‍රකෝපකාරී තත්ත්වයත් සමගින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ද එම ප්‍රදේශයට පැමිණි අතර ඔහු අරගල භූමියේ තත්ත්වය සමනය කර ගැනීමට අදාළ පොලිස් නිලධාරින් සමග කටයුතු කරන ආකාරය දක්නට ලැබුණා. ඉන් ටික වේලාවකට පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද ද එම ස්ථානයට පැමිණි අතර ඔහු පැමිණි වහාම ඔහුට සහ ඔහුගේ රථයට බරපතළ ප්‍රහාරයක් එල්ල කෙරුණා. මෙහිදී ආරක්ෂක නිලධාරීන් වහාම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රථයට නංවාගෙන ප්‍රදේශයෙන් ඉවතට යාමට කටයුතු කළා.

ගෝඨාගෝගම පරිශ්‍රයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ක්‍රියාකාරීන් එල්ල කල ප්‍රහාරයෙන් තුවාල ලැබූ 151 දෙනෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ගාලු මුවදොර සාමකාමී අරගල භූමියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් විසින් එල්ල කරනු ලැබූ මැර ප්‍රහාරය හෙළා දකිමින් එම ස්ථානයට විශාල ජනතාවක් පැමිණ තිබුණා. යුද හමුදාව සහ පොලිසිය විසින් ගාලූ මුවදොර අරගල භුමිය දෙසට මහජනතාව පැමි”ම වැළැක්වීමට පියවර ගෙන තිබුණ ද එම බාධක නොතකා මෙම පිරිස් පැමිණෙමින් සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කලේ. මේ අතර සාමකාමී අරගලයට එල්ලවූ මැර ප්‍රහාරය හෙලා දකිමින් දිවයිනේ ප්‍රදේශ රැසක ද විරෝධතා ආරම්භ වී තිබෙනවා.

දිවයිනේ නගර රැසක දී දේශපාලනඥයන් ගමන් ගත් මෝටර් රථවලට සහ ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ නිවෙස්වලට ගිනි තබා ප්‍රහාර එල්ල කර ඇතැයි වාර්තාවනවා. නිට්ටඹුව, කඩවත, මිනුවන්ගොඩ, දක්ෂිණ අධිවේගී මාර්ගය ආදි ප්‍රදේශවලදී බස් වලට සහ සුඛෝපභෝගී මෝටර් රථවලට පහරදී හානි සිදු කර තිබුණා. මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දුගේ නිවෙසට කිසියම් පිරිසක් අද පස්වරුවේ ගිනි තබා තිබුණා.

කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලූ මුවදොර නිර්පාක්ෂික අරගල භූමියට මැර ප්‍රහාරයක් එල්ල කළ පිරිස්වල සිටි පිරිසක් – කැබ්රථයක් සහ බසයක් බේරේ වැවට උස්සා දැමීමට අරගලකරුවන් පිරිසක් කටයුතු කලා. එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට සහාය දැක්වීම සඳහා අද කොළඹට ආධාරකරුවන් රැගෙන ආ බස් රථ කීපයකට කොළඹ ස්ථාන කීපයකදී ප්‍රහාර එල්ල වී ඇතැයි සඳහන්. ඇතැම් ප්‍රදේශවල පොදුජන පෙරමුණේ ආධාරකරුවන්ගේ නිවෙස්වලට ද ප්‍රහාර එල්ල වී තිබෙනවා.

ගාලූ මුවදොර පිටිය අවට ඇති වී තිබූ නොසන්සුන්කාරී තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා යුද හමුදාව කැඳවා තිබෙනවා. මහජන සාමය රැක ගැනීම සඳහා පොලිසියේ සහයට යුධ හමුදාව යෙදවා ඇති බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කලේ.

කොළඹ ගාලු මුවදොර පිටියේ ගෝඨාගෝගම පරිශ්‍රයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාක්ෂිකයන් පිරිසක් විසින් එල්ලකල ප්‍රහාරය හමුවේ හටගත් නොසන්සුන් වාතාවරණය හේතුවෙන් සමස්ත දිවයිනටම මේ වනවිට පොලිස් ඇඳිරි නීතිය පණවා තිබෙනවා. පළමුවෙන් කොළඹ උතුර, කොළඹ දකුණ සහ කොළඹ මධ්‍යම පොලිස් බල ප්‍රදේශවලට ඇඳිරි නීතිය පණවනු ලැබූ අතර හටගත් දැඩි නොසන්සුන් වාතාවරණය හමුවේ සමස්ත බස්නාහිර පළාතට පසුව පොලිස් ඇඳිරි නීතිය පණවනු ලැබුවා. අනතුරුව වහාම ක්‍රියාත්මක වන පරිදි සමස්ථ දිවයිනටම පොලිස් ඇදිරි නීතිය පනවා තිබෙනවා. නිව්ස් රේඩියෝ කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා කියා සිටියේ නැවත දැනුම් දෙන තුරු එය බලාත්මක බවයි.

වර්තමානයේ දිවයින තුළ උද්ගතව ඇති හදිසි තත්වය හේතුකොට ගෙන නැවත දැනුම් දෙන තුරු සියලු පොලිස් නිළධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා. පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති නියෝගයට අනුව සියලු තරාතිරම්වල පොලිස් නිළධාරින්ගේ නිවාඩු සහ දින විවේක නැවත දැනුම් දෙන තුරු අවලංගු වනවා. ඒ අනුව සියලු පොලිස් නිළධාරින්ට තමන්ගේ රාජකාරි ස්ථාන වෙත වහාම වාර්තා කරන ලෙසයි උපදෙස් දී ඇත්තේ.

නිට්ටඹුව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමක් හේතුවෙන් හටගත් නොසන්සුන්කාරි තත්වයක් හමුවේ පුද්ගලයින් 05 දෙනෙකු වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඉන් 03 දෙනෙකු වෙඩි වැදීම හේතුවෙන් තුවාල ලබා ඇති අතර දෙදෙනෙකු පහරකෑම් හේතුවෙන් තුවාල ලබා ඇති බවයි නිට්ටඹුව පොලිසිය සදහන් කළේ.

දිවයිනේ මේ වන විට ක්‍රියාත්මක වන පොලිස් ඇදිරි නීතිය හේතු කොට ගෙන දිවයින පුරා පිහිටි සියලූම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන එම ඇදිරිනීති තත්වය අවසන් වන තෙක් වසා දැමීමට නියෝග කර තිබෙනවා. සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසිනුයි එම නියෝගය ලබාදී ඇත්තේ.

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »