
ශ්‍රී ලංකාව තුළ නැවත වරක් හදිසි නීතිය පැණවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පාර්ශව ගණනාවක් අප්‍රසාදය පළකරනවා.
ට්විටර් සටහනක් තබමින් කොළඹ අමෙරිකානු තානාපතිනි ජුලි චංග් කියාසිටියේ මේ පිළිබඳව තමන් දැඩි කණස්සල්ලට පත්ව සිටින බවයි.
සාමකාමී පුරවැසියන්ගේ හඩ නිහඩ කිරීමට ඉඩ දිය නොහැකි බවයි ඇය අවධාරණය කලේ.

රට ආපසු සෞභාග්‍යයේ මාවතට ගෙන ඒම සඳහා ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන සැබෑ අභියෝගයන්ට දිගුකාලීන විසඳුම් අවශ්‍ය බව ද කොළඹ අමෙරිකානු තානාපතිවරිය සඳහන් කලා.
තානාපතිවරිය වැඩිදුරටත් පවසන්නේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම ඊට උදව් නොවන බවයි.

මේ අතර හදිසි නීතිය නිසැකවම රටේ දුෂ්කරතා විසඳීමට උපකාරී නොවන බව යුරෝපා සංගමය ද අවධාරණය කරනවා.
මාසයකට ආසන්න කාලයක් රට පුරා ජනතාව ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පූර්ණව භුක්ති විඳි බවත් යුරෝපා සංගමය අවධාරණය කරනවා.
මේ අතර විරෝධතාවලදී කුඩා ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය කිසිදු අයුරකින් සාධාරණීකරණය කල නොහැකි බව යුනිසෙෆ් සංවිධානය අවධාරණය කරනවා.
එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥ්ප්තියෙන්ද ඔවුන්ගේ ආරක්ෂාව සහතික කර ඇති බවයි ඔවුන් නිකුත් කල නිවේදනයක සඳහන්.