“හොරු-ගෝ-ගම” ලබන 17 දා තෙක් වසා දමයි

PROTEST IUSF

පොල්දූව පාර්ලිමේන්තු පිවිසුම අසල සිටි විරෝධතාකරුවන් තාවකාලිකව එම ස්ථානයෙන් ඉවත්වී තිබෙනවා.

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අවධාරණය කළේ තම විරෝධතාකරුවන් දියත උයන අසලින් ඉවත් කර ගන්නේ ලබන 17 වනදා යළිත් පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ වන තෙක් පමණක් බවයි.

ශිෂ්‍ය බල මණ්ඩලය පවසන්නේ, ජනපති කාර්යාලය අසල අරගලය ශක්තිමත් කරන බවයි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ පැවැත්වූ විරෝධතාවට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළා.

ඊයේ පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිට විරෝධතා පා ගමනින් ඔවුන් මෙම ස්ථානයට පැමිණි අතර, දියත උයන ඉදිරිපිට අට්ටාල ඉදිකරමින් එහි නවාතැන් ගනු ලැබුවා.

ඊයේ රාත්‍රියේ දී ද අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.

සිසුන් ඊයේ රැය පහන් කලේ පාර්ලිමේන්තු වටරවුම අසළ අට්ටාල ඉදි කරමිනුයි.

හොරු-ගෝ-ගම ලෙස මෙම ස්ථානය සිසුන් විසින් හඳුන්වා දී තිබෙනවා.

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »