රාජපක්ෂවරුන් මා පරද්දන්න ප්‍රභාකරන් සමඟත් ’’චැට්’’කළා

තමා කිසි දිනක රාජපක්ෂවරුන් සමග සිටියේ නැතැයි ද රාජපක්ෂවරුන් නම් තමා පරාජය කිරීම සඳහා ප්‍රභාකරන් සමඟ “චැට් “එකක් දැමුවේ යැයි ද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය.

තමා රාජපක්ෂ කණ්ඩායමේ ඉන්නවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමාණික්කම් වැරදි ප්‍රකාශයක් කර තිබූ බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා තමා

නොව රාසමාණික්කම් නම් මහින්ද රාජපක්ෂ ගෙන් පදිරිප්පු ආසන සංවිධායක කම ලබාගත් බවද කීය.

මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියම් රාසමාණික්කම් (දෙජාසං) පාර්ලිමේන්තුවේදී ඊයේ (5) කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේය.

එහිදී රාසමාණික්කම් සඳහන් කළේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් තනි තනිව හමුවී රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කතානායක බවට පත් කිරීම සඳහා සඳහා සහයෝගය පළ කරමු යැයි පැවසූ බවයි.

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »