ගිය අවුරුද්දේ වාහන 493,000 ක් හම්බන්තොටට ඇවිත්

මුළුමනින්ම රථ වාහන ප‍්‍රතිනැව්ගතකිරීම් හේතුකොටගෙන හම්බන්තොට වරායේ සමස්ත රථ වාහන මෙහෙයුම් ප‍්‍රමාණය එම වරායේ මෙහෙයුම් ආරම්භයේ සිට වාර්තා කළ ඉහළම වර්ධනය වාර්තා කරමින් 2021 වසරේ දී සියයට 40.4කින් ඉහළ ගියේය.

ඒ අනුව, හම්බන්තොට වරාය තුළ හසුරවන ලද සමස්ත රථ වාහන සංඛ්‍යාව 493,400ක් වූ අතර, එයින් 489,942ක් රථ වාහන ප‍්‍රතිනැව්ගත කිරීම් විය.

රථ වාහන ප‍්‍රතිනැව්ගත කිරීම් සියයට 46.3ක වර්ධනයක් වාර්තා කළ අතර, අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන

මෝටර් රථ ආනයන මත පැනවූ සීමා හේතුවෙන් දේශීය රථ වාහන මෙහෙයුම් සියයට 76.9ක දැඩි පහළ යෑමක් වාර්තා කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2021 වාර්ෂික වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »