Search

ඉන්දියාවට පනින්න හැඳූ තවත් 13ක් මාට්ටු – තමිල්නාඩුවෙන් කෝටි 120 ක අත්‍යවශ්‍ය ආහාර

යාපනය පලාලි මුහුදු තීරය හරහා අනවසරයෙන් ඉන්දියාවට ගමන්කිරීමට උත්සහ දැරූ පුද්ගලයන් 13 දෙනකු සහ බෝට්ටු 2 ක් සමග නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස ත්‍රීකුණාමලයේ තිල්ලෙයිනගර් සිට පලාලි ප්‍රදේශයට පැමිණ ඇති අතර අනතුරුව පලාලි ප්‍රදේශයෙන් බොට්ටු දෙකක් යොදාගෙන පලාලි මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවට පැන යාමට උත්සහ දරා ඇති බවට අණාවරනය වෙයි.

අදාල පිරිස පලාලි මුහුදු මාර්ගයන් ඔස්සේ ගමන් කරමින් සිටින අතරතුර උතුරු නාවික විධානයට අයත් නිලධාරීන්ට නිරීක්ෂණය වීමෙන් පසු එම පිරිස බොට්ටු දෙකක්, ඉන්ධන තොගයක්ද සමගින් නාවික හමුදා භාරයට ගෙන පසුව පලාලි පොලීසියට භාරදීමට කටයුතු යොදනු ලැබීය.

නාවික හමුදා භාරයට පත් වූ පිරිස අතර කාන්තාවන් තිදෙනකු පිරිමි තිදෙනකු සහ ළමයින් පස් දෙනකු වන අතරම පලාලි ප්‍රදේශයේ පදිංචි බෝට්ටු හිමිකරුවන් දෙදෙනකුද වන බව පොලිසිය පවසයි.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අත්‍යවශ්‍ය ආහාර හිඟය පිළිබඳව අවධානය යොමු කරමින් තමිල්නාඩු ප්‍රාන්ත රජය රුපියල් කෝටි 120 කට අධික වටිනාකමින් යුත් සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයක් බෝට්ටුවලින් ගෙන ඒමට සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයට සහල් මෙටි්‍රක්ටොන් 40,000 ක්, ඖෂධ සහ ළඳරු කිරිපිටි මෙටි්‍රක්ටොන් 500 ක් ඇතුළත් බවත් එම තොගය ලබාදීමට තාමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්. කේ. ස්ටාලින් ඉන්දීය මධ්‍යම රජයේ සහ තමිල්නාඩු රජයෙන් අවසර ගැනීමට සූදානම් වන බවත් විදේශ මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

https://www.lankadeepa.lk/news/%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B6%B4%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B7%84%E0%B7%90%E0%B6%B3%E0%B7%96-%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-13%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94/101-612314

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (23) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.

Read More »

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »