ඔස්ටේ්‍රලියාව තුළ අලෙවි කල ටොයොටා රථ 26,000 ක් ආපසු කැඳවයි

ඔස්ටේ්‍රලියාව තුළ අලෙවි කරන ලද මෝටර් රථ 26,000 කට වැඩි සංඛ්‍යාවක් මෘදුකාංග දෝෂයක් හමුවේ ආපසු කැඳවීමට ටොයොටා ආයතනය පියවර ගෙන තිබෙනවා.

Toyota Kluger Hybrid, RAV4 Hybrid, LandCruiser 300 – Mirai යන මාදිලිවල මෝටර් රථ මෙලෙස කැඳවා ඇති බව සඳහන්.

2021 මාර්තු සහ 2022 අප්‍රේල් අතර කාලයේදී නිෂ්පාදනය කර ඔස්ටේ්‍රලියාව තුළ ඉහළම අලෙවියක් පැවති මෝටර් රථය මෙලෙස කැඳවා ඇත්තේ.

මෝටර් රථය පණ ගැන්වුවද වාහනය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක නොවන දෝෂයක් මෙහිදී හඳුනාගෙන තිබෙනවා.

මෙම දෝෂය හමුවේ හදිසි අවස්ථාවකදී වාහනයේ පාලනය රියදුරා යටතට ගැනීමට නොහැකිවීමත් එය ඔස්ටේ්‍රලියානු සම්මත නීති වලට පටහැණි බවත් සැලකිල්ලට ගෙනයි ටොයොටා ආයතනය මෙම පියවර ගෙන ඇත්තේ.

අදාළ වාහන 26,000 මාදිලි පහතින් :

https://www.pressroom.com.au/press_release_detail.asp?clientID=2&prID=51849&navSectionID=2

තවත් ද්විත්ව පුරවැසියන් 10ක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ?

ද්විත්ව පුරවැසිභාවය හිමි තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටින බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අනාවරණයක් සිදු කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අමාත්‍යවරුන්ට යාවත්කාලීන කළ ආචාර ධර්ම පද්ධතියක්

වික්ටෝරියා ප්‍රාන්තයේ අඛණ්ඩතාව සහ වගවීම ඉහළ නැංවීමේ අරමුණින් පිළිපැදිය යුතු යාවත්කාලීන කළ ආචාර ධර්ම පද්ධතියක් අමාත්‍යවරුන් වෙත හඳුන්වාදීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මිනිස් ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් 5ක් අත්අඩංගුවට

නීතිවිරෝධීව ලැට්වියාවේ දේශසීමා හරහා පුද්ගලයින් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »