විපක්ෂ නායක ඇල්බනීස් ඉරිදා සිට යළිත් මැතිවරණ ප්‍රචාරණයේ

ෆෙඩරල් විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් ලබන ඉරිදා පර්ත් හිදී සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය යළි දියත් කිරීමට සූදානම් වනවා.

කොවිඩ් ආසාධනය වීමෙන් පසු ඔහු මේ දක්වා තවමත් හුදකලාවයි සිටින්නේ.

මේ අතර කොවිඩ් ආසදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් හට පනවා ඇති සීමා ලිහිල් කරන අවසාන ප්‍රාන්තය බවට ටස්මේනියා ප්‍රාන්තය පත්වනවා.

මැයි 2 දා සඳුදා සිට කොවිඩ් රෝග ලක්ෂණ නොමැති ටස්මේනියානුවන් දින හතක් නිරෝධායනය වීමට අවශ්‍ය නොවේ.

ඔවුන් දිනපතා රැපිඩ් පරීක්ෂණයකට භාජනය විය යුතු අතර නිවසින් පිටත මුව ආවරණයක් පැළඳිය යුතුයි.

ඔවුන්f රා්හල් වැනි ඉහළ අවදානම් සහිත පරිශ්‍රවලට යාමෙන් වැළකී සිටිය යුතු වනවා.

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »