ලාංකික ඉංජිනේරුවරිය ගිලි මියයයි

කැන්බරා හි පදිංචිව සිටි ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක මුහුදු රළ පහරකට අසුවී ගසාගෙන ගොස් මුහුදේ ගිලී මියගොස් ඇති බව මාධ්‍ය වාර්තාකර ඇත.

මෙම ඉංජිනේරුවරිය සමග මුහුදේ රළ පාගමින් සිටි ඇයගේ මිතුරියන් දෙදෙනකු හා මිතුරන් දෙදෙනකු ද මුහුදේ ගසාගෙන යමින් සිටියදී ගොඩට ගෙන අසාධ්‍ය තත්වයෙන් රෝහලක දැඩි සත්කාර ඒකකයේ තවමත් ප්‍රතිකාර ලබමින් පසුවන බව මියගිය ඉංජිනේරුවරියගේ පියාගේ සහෝදරයකු වන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හරිස්චන්ද්‍ර බණ්ඩාර පැවසීය.

මෙසේ මියගොස් ඇත්තේ 40 හැවිරිදි තිදරු මවක වූ වත්සලා කරුණාතිලක යි.

ඇය ගම්පහ යක්කල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මියගිය වත්සලා මහත්මිය මීට සති කිහිපයකට කලින් මියගිය විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සෙනවිරත්න බණ්ඩා ගේ දියණියකි.

මියගිය වත්සලා මහත්මියගේ සැමියා ද ඉංජිනේරුවරයකු වන අතර ඔවුන් වසර 20ක පමණ කාලයක සිටම ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින බව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හරිස්චන්ද්‍ර බණ්ඩාර කීය.

තම සහෝදරයාගේ දියණිය ඇයගේ සැමියා සහ ශ්‍රී ලංකික මිතුරු මිතුරියන් පිරිසක් විනෝදවීමට මුහුදු වෙරළට ගිය අවස්ථාවේ මෙම අනතුර සිදුවී තිබෙන බව ද විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පවසයි.

http://sinhala.adaderana.lk/news/167060/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A-%E0%B6%89%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93-%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »