
වෘත්තීය සමිති 1000 කට ආසන්න සංඛ්‍යාවක නියෝජිතයන් එක්ව ක්‍රියාත්මක කර ඇති එක්දින සංකේත වැඩ වර්ජනය හමුවේ දිවයිනේ අංශ රැසක දෛනික කටයුතු බිඳ වැටී තිබෙනවා.
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වන්නැයි බල කරමින් ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිති ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට පැය 24 ක දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක නිරත වනවා.
ඒ සදහා සියලු රාජ්‍ය සේවා / විදුලිය / සෞඛ්‍ය / ජලය / වරාය / අධ්‍යාපන / තැපැල් / වතු කම්කරු ඇතුලු සේවා රැසක් නියෝජනය කරන වෘත්තීය සමිති රැසක් සහය පළ කිරීම විශේෂත්වයක්.

සියලූම රෝහල් ඉදිරිපිට අද දහවල් 12.00 සිට උද්ඝෝෂණ හා පාගමන් ආරම්භ කෙරුණු අතර දිවයින පුරා නගරවලදී ද විරෝධතා ක්‍රියාත්මකයි.
මේ අතර වැඩවර්ජනයේ නිරත වෘත්තීය සමිති විසින් සංවිධාන කරන දැවැන්ත විරෝධතාවයක් හා විරෝධතා රැලියක් අද දහවල් කොටුව දුම්රියපල ඉදිරිපිට දී පැවැත්වීමට නියමිතයි.

මීට අමතරව වැඩ වර්ජනයේ නිරත වෘත්තීය සමිති කොළඹ ලිප්ටන් වටරවුම ආදී ස්ථාන ගණනාවක සිට විරෝධතාවල නිරතවී ගාලුමුවදොර ජන අරගල භූමිය දක්වා පා ගමනින් ගොස් එම විරෝධතාවට එක්වීමට ද සැලසුම් කර තිබෙනවා.
දීප ව්‍යාප්ත වර්ජනයක් ක්‍රියාත්මක වුවද කටුනායක ගුවන් තොටුපළේ සහ කොළඹ වරායේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව සඳහන්.
කෙසේ වෙතත් වරාය වෘත්තීය සමිති සදහන් කළේ, අද දිනයේ සීමිත සේවක සංඛ්‍යාවක් රාජකාරී කටයුතු සදහා පැමිණ ඇති බවයි.
මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ සහ පෞද්ගලික බස් රථ අද දිනයේ සාමාන්‍ය පරිදි ධාවනය වන බව වාර්තාකරුවන් සදහන් කළා.
එහෙත් කොළඹ ඇතුලු ප්‍රදේශ රැසක මගීන්ගේ අඩුවක් දක්නට ලැබෙන බවයි
කිසිදු ආර්ථික මධ්‍යස්ථානයකට අද දිනයේ එළවළු තොග ලැබී නොමැති බව ව්‍යාපාරිකයන් සඳහන් කලා.
දීප ව්‍යාප්ත වර්ජනයට සමගාමීව අද දිනයේ එළවළු තොග ආර්ථික මධ්‍යස්ථාන වෙත සැපයීමෙන් වළකින ලෙසට ගොවීන්ට දන්වා තිබීම ඊට හේතුවයි.
මේ අතර කටුනායක සහ කොග්ගල නිදහස් වෙළඳ කලාපවල සේවක සේවිකාවන් දහස් ගණනක් අද පෙරවරුවේ විරෝධතාවල නිරත වී තිබෙනවා.
ජිවන වියදම ඉහළ යාම, ඉන්ධන මිල ඉහළ යාම, ගැස් මිල ඉහළ දැමිම, විදුලි කප්පාදුවට එරෙහි ව රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති රටපුරා ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනයට සහයෝගය දක්වා වතු කම්කරුවන් ද ප්‍රධාන මාර්ගවලට පිවිස අද උද්ඝෝෂණයේ නිරත වනවා.
රට කරවිය හැකි පිරිසකට රටේ පාලන බලය ලබා දී වත්මන් රජයට පාලන බලයෙන් ඉවත් වන ලෙසට යි උද්ඝෝෂණයේ නියැලි සිටි වතු කම්කරුවන් අවධාරණය කලේ.
මේ වන විට ක්‍රියාත්මක වර්ජනයට සහය පළ කරමින් පිටකොටුවේ ඇතැම් තොග වෙළදසැල් ද වසා දමා තිබෙනවා.
පාසල්වලට අද දිනයේ ගුරුවරුන් නොපැමි”ම නිසා එම පාසල්වල අධ්‍යාපන කටයුතු අඩාලවී තිබූ ආකාරයක් ද දක්නට ලැබුණා.
දිවයින පුරා ක්‍රියාත්මක වර්ජනය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ජනශුන්‍ය ස්වභාවයක් දැක ගත හැකි බව වාර්තාකරුවන් ප්‍රකාශ කළා.