ඩොලර් ගේන විදේශිකයන්ට ලංකාවේදී වසර 05 – 10 ත් අතර Resident වීසා

විදේශීය ආයෝජකයන් සඳහා දීර්ඝ කාලින නේවාසික වීසා නිකුත් කිරීමේ වැඩපිළිවෙලකට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

මේ අනුව අවම වශයෙන් අමෙරිකානු ඩොලර් 75,000 ක් හෝ ඊට වැඩි මුදලක් ආයෝජනය කරන විදේශිකයන්ට සහ විදේශීය සමාගම්වල අධ්‍යක්ෂවරුන්ට – ඔවුන්ගේ කලත්‍රයනට සහ යැපෙන්නන්ට එලෙස ආයෝජනය කරනු

ලබන ඩොලර් ප්‍රමාණය මත පදනම්ව අවුරුදු 05 සිට 10 දක්වා දීර්ඝකාලීන නේවාසික වීසා නිකුත් කිරීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගනු ලබන වාණිජ බැංකුවක අවම වශයෙන් ඩොලර් ලක්ෂයක මුදලක් තැන්පත් කරනු ලබන විදේශිකයන්ට වසර 10 ක කාල සීමාවක් දක්වා නේවාසික වීසා නිකුත් කල හැකිවන පරිදි

රන් පාරාදීස වීසා වැඩසටහන නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

පලස්තීනය ගැන ඔස්ට්‍රේලියාව සාකච්ඡාවක

පලස්තීනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැත්වීමට නියමිත ඡන්දය පිළිබඳ ඔස්ට්‍රේලියාව තවමත් සාකච්ඡා කරමින් සිටින බව විදේශ අමාත්‍ය පෙනි වොං පවසනවා.

Read More »

යුක්රේන රුසියානු යුද්ධයෙන් ශ්‍රී ලාංකිකයන් 08ක් මියයයි

රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද ගැටුම්වලදී අවම වශයෙන් ශ්‍රී ලාංකික රණවිරුවන් 08 දෙනෙකු මිය ගොස් ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »