ඔස්ටේ්‍රලියානු සහ නවසීලන්ත රණවිරුවන් සමරන ANZAC දිනය අද

යුධමය වාතාවරණ ඇතුලු සටන් තත්වයන්හිදී මියගිය ඔස්ටේ්‍රලියානු සහ නවසීලන්ත රණවිරුවන් සමරන ANZAC දිනය අදට යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් සියලුම ප්‍රාන්ත අගනුවරවලදී සැමරුම් පෙළපාලි ඇතුලු විවිධ වැඩසටහන් සංවිධාන කර තිබෙනු දක්නට හැකියි.

කොවිඩ් වසංගතය ආරම්භයෙන් පසු පූර්ණ වශයෙන් ANZAC දින සැමරුම් පැවැත්වෙන්නේ මෙම වසරේදීයි.

ප්‍රධාන සැමරුම් උත්සවය පැවැත්වෙන්නේ කැන්බරා අගනුවරදී වන අතර වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන උත්සවය මෙල්බන් හිදී සංවිධාන කර තිබෙනවා.

අද දිනයේදී මෙල්බන් නගරයේ යහපත් කාළගුණ තත්වයක් පවතිනු ඇති බවද කාළගුණ වාර්තාවේ සඳහන්.

උමා ඔය විවෘත කරන්න ඉරාන ජනපති අද ශ්‍රී ලංකාවට

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වීම සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි අද ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක්වීමට නියමිතව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ට රැකියා සොයා ගැනීම ගැන උපදෙස් මාලාවක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදේශ සංක්‍රමණිකයින් සඳහා මෙරට රැකියා වෙළඳපල තුළ නව රැකියාවක් කඩිනමින් සොයා ගැනීම පිළිබඳ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් යළි කැඳවයි

නිෂ්පාදන දෝෂ කිහිපයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් නැවත කැඳවීමට ඇස්ටන් මාර්ටින් සමාගම් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

පිහි පරික්ෂාවට පොලිසිය නව නීති ඉල්ලයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය පුරා පිහි ඇනුම් සිදුවීම් ගණනාවක් වාර්තා වීම හේතුවෙන් පොලිස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ පිහි සෝදිසි කිරීම් සිදු කළ හැකි වන පරිදි නීති හඳුන්වා දෙන ලෙස ප්‍රාන්ත පොලිස් සංගමය ඉල්ලීමක් කරනවා.

Read More »