PHOTOS : විරෝධයට බය වී කොළඹ සීල් තියන්න යන ලංකාවේ පොලිසිය – AusLanka TV – Australian News for the Sri Lankan community

PHOTOS : විරෝධයට බය වී කොළඹ සීල් තියන්න යන ලංකාවේ පොලිසිය

PHOTOS : විරෝධයට බය වී කොළඹ සීල් තියන්න යන ලංකාවේ පොලිසිය

කොළඹ ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය පිහිටි පරිශ්‍රය වෙත ඇතුලු වීමට ඇති සියලුම මාර්ග අද පෙරවරුවේ පොලීසිය විසින් වසාදමා තිබෙනවා.

මේ වනවිට පොලිස් මාර්ග බාධක සහ යකඩ කණු යොදා එම මාර්ග බොහොමයක් වසාදමා ඇති අතර ප්‍රදේශයේ ආරක්ෂාවද තර කර තිබෙනවා.

ලෝටස් පාර සම්පූර්ණයෙන්ම වසා මාර්ග ඉදිකිරීමෙන් වාහනවලට කොළඹට ඇතුළු වීමට වෙනත් මාර්ග භාවිතා කිරීමට සිදුව තිබෙනවා.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කරන විරෝධතාව ඇතුළු විරෝධතා කීපයක් අද ගාලූ මුවදොරට පැමිණීමට නියමිත බැවින් පොලිසිය මෙසේ මාර්ග බාධක යොදා තිබෙනවා.

අද පස්වරුවේ පැවැත්වීමට නියමිත විරෝධතාවයකට එරෙහිව ගෙන ඇති අධිකරණ නියෝගයක්ද පොලිසිය විසින් ගාලුමුවදොර අරගල භූමියේ ප්‍රදර්ශණය කර ඇති බවයි වාර්තා වන්නේ.

කිසිදු දේශපාලන නියෝජනයකින් තොරව පැවැත්වෙන ගාලුමුවදොර සාමකාමී ජන අරගලයට අදට දින 16 ක්.

පවතින ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරන විරෝධතා පාගමනක් මේ වනවිට කොළඹ කොටුවේ සිට ආරම්භ වී තිබෙනවා.

දිවයිනේ රාජ්‍ය විශ්ව විද්‍යාල නියෝජනය කරන තරුණ තරුණියන් රැසක් මේවනවිට කොළඹ කොටුවේ සිට ගාලුමුවදොර අරගල භූමිය දක්වා ගමන් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

COMMENTS