
පසුගියදා රඹුක්කන ප්‍රදේශයේ පැවැති විරෝධතාවය අතරතුර ඇති වූ නොසන්සුන්තාවය පාලනය කිරීම සඳහා
වෙඩි තැබීමට නියෝග කර ඇත්තේ කෑගල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කිර්ති රත්න බව අනාවරණය වී තිබෙනවා.
කෑගල්ල අධිකරණයේදී මේ පිළිබඳව අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

එම නොසන්සුන්තාවය පාලනය කිරීමට පොලිස් කැරලි මර්ධන කණ්ඩායම්, T-56 ගිනි අවි 04ක් සහ උණ්ඩ 35ක් භාවිත කර ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පොලිස්පතිවරයා විසින් පත්කරන ලද කමිටුව කෑගල්ල මහෙස්ත්‍රාත්වරිය වෙත විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ පිළිබඳ කියා සිටියා.
