ගාලු මුවදොර විරෝධතාවට එරෙහිව පොලීසිය කළ ඉල්ලීම ප්රතික්ෂේප කෙරේ
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවට එරෙහිව ගාලු මුවදොර පිටියේදී විරෝධතාවයේ නිරත පිරිසට ප්රචණ්ඩකාරී ලෙස හැසිරීමෙන් වළකින්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස කොටුව පොලීසීය කළ ඉල්ලීම, කොළඹ අතිරේක මහේස්ත්රාත් එම්.ඒ. ප්රභාකරන් මහතා අද (23) ප්රතික්ෂේප කර තිබේ.