අසනීප වූ කථා ගැන මහින්දම කථා කරයි – AusLanka TV – Australian News for the Sri Lankan community

අසනීප වූ කථා ගැන මහින්දම කථා කරයි

අසනීප වූ කථා ගැන මහින්දම කථා කරයි

අන්තර්වාර ආණ්ඩුවක් ස්ථාපති කළද අග්‍රමාත්‍යවරයා වන්නේ තමා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වන ලෙසට මේ දක්වා තමාට කිසිදු මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කර නොමැති බවයි.

එමෙන්ම ගාලුමුවදොර අරගලයේ නිරත වන තරුණයින් සමඟ ඕනෑම මොහොතක සාකච්ඡා කිරීමට සූදානම් බවද මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔවුන් සාකච්ඡාවකට නොපැමිණෙන තාක්කල් අරගලය දිගටම පවතිනු ඇති බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙම අදහස් පළ කළේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වුණේ අග්‍රාමාත්‍යවරයා අසනීප තත්තවයෙන් පසුවන බවත්, පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇති බවත්ය.

කෙසේවෙතත් එම ප්‍රකාශ අසත්‍ය බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසුවේ.

-NETH

COMMENTS