ෆෙඩරල් මැතිවරණය සඳහා ලියාපදිංචිවීම අද රාත්‍රී 08 න් අවසන්

මෙවර ෆෙඩරල් මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ඔස්ටේ්‍රලියානු පුරවැසියන්ට ලියාපදිංචිවීමට දී තිබූ කාලය අද රාත්‍රී 08 න් අවසන් වනවා.

වයස අවුරුදු 18 සම්පූර්ණ වූ ඕනෑම ඔස්ටේ්‍රලියානු පුරවැසියෙකු රියදුරු බලපත්‍රය – විදේශ ගමන් බලපත්‍රය හෝ වෙනත් එවැනි පිළිගත හැකි අනන්‍යතා සහතිකයක් ඉදිරිපත් කර ලියාපදිංචි විය යුතුයි.

එමෙන්ම පදිංචි ලිපිනය වෙනස් වී ඇත්නම් එය යාවත්කාලීන කරගැනීමද සිදුකර ගැනීමට හැකි බව ඔස්ටේ්‍රලියානු මැතිවරණ කොමිසම දන්වා සිටිනවා.

කොමිසම සඳහන් කරන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින 650,000 කට ආසන්න පිරිසක් තවමත් ලියාපදිංචි වී නොමැති බවයි.

ඔස්ටේ්‍රලියානු නීතියට අනුව වයස අවුරුදු 18 සම්පූර්ණවී ඇති ලියාපදිංචි ඡන්ද දායකයන් සියලු දෙනා ඡන්ද ප්‍රකාශ කල යුතු අතර එසේ නොකරන පුද්ගලයන්ට දඩ මුදලක් නියම කල හැකි වනවා.

මෙවර ෆෙඩරල් මැතිවරණය ලබන මැයි 21 වනදා පැවැත්වෙන අතර මැතිවරණ ප්‍රචාරක කටයුතුවල දෙවන සතිය අදින් ආරම්භ වනවා.

https://www.9news.com.au/national/federal-election-2022-how-to-enrol-to-vote-explainer/a59654dd-5c07-41da-8b27-f1befd264486

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති මියගොස් ඇති බවට තොරතුරු

ඊයේ සවස වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »

TR එකේ වයස් සීමාව වැඩි කරන්නැයි ෆෙඩරල් රජයට පෙත්සමක්

485 වීසා කාණ්ඩය සඳහා වූ වයස් සීමාව අවුරුදු 35 ලෙස සීමා කිරීමට ෆෙඩරල් රජය ගත් තීරණයට විරෝධය පල කර ෆෙඩරල් පාර්ලිමේන්තුවට භාරදීම සඳහා පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා.

Read More »

දින 4ක මෙහෙයුමකින් 16 හැවිරිදි දැරියක් ඇතුලු 554ක් අත්අඩංගුවේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉලක්ක කර ගනිමින් සිදු කළ දින හතරක මෙහෙයුමක් අතරතුර පුද්ගලයන් 550කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සමාජ මාධ්‍ය උවදුරෙන් ළමයින් බේරා ගන්න තවත් උත්සාහයක්

සමාජ මාධ්‍ය උවදුරෙන් ඔස්ට්‍රේලියාවේ ළමයින් බේරා ගැනීමට රජයට බල කෙරෙන අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීමට නිව්ස් ක්‍රොප් ඔස්ට්‍රේලියා (News Corp Australia) ව්‍යාපාරය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »

ඉරාන ජනපති සොයා තවදුරටත් මෙහෙයුම්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් පසු අතුරුදන්ව සිටින ජනාධිපතිවරයා ඇතුලු පිරිස සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

Read More »